උතුර රුද්‍රාස් ලකුණු 15 කින් නැගෙනහිර නාගාස් පරදවයි


ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 19 වැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (26) පැවැති දිනයේ පළමු තරගයේදී ජෙහාන් මුබාරක්ගේ උතුරු රුද්‍රාස් පිල ලකුණු 15 කින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල පාරජය කිරීමට සමත් විය. ලකුණු 150 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය නැගෙනහිර නාගාස් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 134 ක් පමණි. නවසීලන්ත ක‍්‍රීඩක කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් පන්දු 28 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 43 ක් රැුස්කළ ද එය නැගෙනහිර පිල ජයග‍්‍රහණය දක්වා රැුගෙන යෑමට ප‍්‍රමාණවත් නොවීය. උතුර රුද්‍රාස් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 149 (රොබ් කුයුනි 24, මහේල උඩවත්ත 13, බ්‍රෙන්ඩන් ටේලර් 10, චාමර කපුගෙදර 43, ෆර්විස් මහරුෆ් 12, ඩිලන් ඩූ ප‍්‍රීෂ් නොදැවී 19, ශාමින්ද එරංග 32/2) නැගෙනහිර පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 134 (උදාර ජයසුන්දර 22, ඇන්ජලෝ මැතිව්ස් 10, කොලින් ඞී ග‍්‍රැන්ඩෝම් 43, සුරාජ් රන්දීව් නොදැවී 27, අජන්ත මෙන්ඩිස් නොදැවී 14, නවීඞ් උල් හසන් 21/3)මුරලිදරන්ගේ දක්‍ෂ පන්දු රැකීම හමුවේ මැතිව්ස් දැවී ගිය අවස්ථාව.. (ඡායාරූපය: ශාන්ත රත්නායක)