උත්සහවන්තයා ජයගනී


(නීල් කුසුම්සිරි - නොච්චියාගම සිට) - නොච්චියාගම විදුලිබල මණ්ඩල පාරේ කාන්තාවන් පිරිසක් තම නිවෙස්වල නිපදවූ අහාර එක ස්ථානයකට ගෙනවිත් අලෙවි කිරීමට දරූ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ නොච්චියාගම දේශීය පෝෂණ මන්දිරය ප්‍රදේශවාසීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රබෝධනී ණය ක්‍රමය යටතේ  නොච්චියාගම ලංකා බැංකුව මේ ව්‍යප්පෘතියට ඇත හිත දෙයි. හාල්පිටි ආශ්‍රිත කෑම වර්ග පමණක් මෙහි අලෙවි කැරෙති. ළදරු පාසල් හා රෝහල් සේවකයන් අතරද ජනප්‍රිය වී ඇත. මීට අමතරව ගමේ කාන්තාවන් සිය ගෙවතුවල වගා කරන විවිධ පැළ අලෙවි තවානක් ද මෙහි තිබේ. ඉතා කුඩාවට ඇරඹි මෙම ව්‍යාපෘතිය මේ වන විට ගමේ පස් දෙනෙකුට රැකියා සපයා ඇත.