උණවටුණේ සංචාරක හෝටල් හිමිකාරිනියක් ඝාතනය කරලා


(ඩී.ජී.සුගතපාල  සහ ජේ.කේ.ඒල් චාමින්ද)
උණවටුන යද්දෙහිමුලලේ සංචාරක හෝටල් හිමිකාරියක් අද(10)අලුයම තියුණු ආයුධකින් කපා ඝාතනය කර තිබේ

මෙසේ ඝාතනය කර ඇත්තේ මිතෝන් හවුස් සංචාරක හෝටලයේ හිමිකාරිය වන ගමේ කංකානම්ගේ නිලූකා චාමලි විලාසිතා නමැති තිස් හතර හැවිරිදි එක් දරු මවකි.

ඇය තම හත් හැවිරිදි දරුවා සමග හෝටලයේ ආපනශාලාව තුල සිටියදි රාත්‍රි දොළහයි තිහට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඇයගේ ගෙල කපා පලාගොස් තිබේ.

 මියගිය කාන්තාවගේ සැමියා විදේශ ගතව සිටින  බවත් දෙදෙනා අතර දේපල සම්බන්ධයෙන් කලක සිට ආරවුලක් පැවති බවත් සැමියා විසින් ඇය ඝාතනය කිරිම සඳහා රුපියල් තිස්ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදි තිබු දෙදෙනෙකු පසුගිය වසරේ ජූනි මාසයේ අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
 
හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ. 

 ( ඡායාරූප - ජේ.කේ.ඒල් චාමින්ද)