උණ රෝගයකින් මඩකලපුව බන්ධනාගාරයේ 11 ක් රෝහලේ


(ජයන්ත සමරකෝන්)

මඩකලපුව බන්ධනාගාරයේ පැතිර යන දරුණු උණ රෝගයක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර ඇතැයි එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම තත්ත්වය මත රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් පවා සීමාකර ඇති අතර රැඳවියන් සඳහා විෂබීජ පැතිර යාමට නොහැකි ලෙස මුඛ ආවරණ පවා නිකුත් කර ඇතැයි ද පවසයි.

මෙම උණ රෝගයට ගොදුරු වීමෙන් මීට පෙර රැඳවියකු මියගිය අතර ඊට විරෝධය පළ කරමින් රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක ද යෙදී සිටියහ.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (9) එහි යැවීමට නියමිතය.