(මනෝප‍්‍රිය ගුණසේකර)
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 20 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකළ හා බලපත‍්‍ර නොමැති අලියෙකු තම බාරයේ තබාගෙන සිටි බවද, ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව දන්මින්ම හා ලියාපදිංචි නොකළ හා සොරකම් කරන ලද අලියකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියකු වංචනිකව තම සන්තකයේ තබා ගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

