උඩු මහලේ දී නීතිඥයා මරා පහළට දාලා
නීතිඥයකු හා ඉඩම් හිමි වැවිලකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතා ඔහුගේ අතුරුගිරිය දෙමහල් නිවසේ දි මොට ආයුධයකින් ගසා මරා පහළට දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු හා ඔහුගේ බිරිය (22) නිවසේ සිටි බව පොලිසිය පවසයි. අද අලුයම දෙකට පමණ මේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි. කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එහි ගොස් මූලික පරීකෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.

