ත්‍රී රෝද රියකින් මුවමස් කිලෝ ග්‍රෑම් 60ක් රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නාලද දෙදෙනෙක් උඩවලව ජාතික වනෝද්‍යානයේ භාරකරු භාරයට පත්කැර ඇත. සැකකරුවන් දෙදෙනා අද අළුයම උඩවලව ජාතික වනෝද්‍යානයේදී මුවන් දෙදෙනකු මරා දමා මස්කැර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.