උඩවලව ගොවීන්ට එස්.ටී.එෆ් ප්‍රහාරයක්
උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරු ඉඩෝරයෙන් මැරීයාම වැලැක්වීමට කටුපිල වැවේ පතුලේ තිබූ වතුර ටික කලුගල් දමා ඉහළට ගෙන කුඹුරුවලට හරවා ගැනීමට ගත් උත්සාහයේදී පොලිස් විශේෂකාර්ය බලකායේ පහරදිමෙන් ගොවීන් කීප දෙනෙකු තුවාල ලැබූ බව කොවුල්ආර සහ දළුක්පිටිය ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.
මේ ප්‍රශ්නය සති ගණනක් තිස්සේ පැවැති අතර වැසි නොලැබීම නිසා කුඹුරු මැරීමට පටන් ගෙන ඇතැයි ගොවීහු පවසති.
විශේෂ කාර්ය බලකාය මහවැලි නියෝජිතයන් සමග පැමිණ තමනට පොලුපහර එල්ල කළ බව ගොවියෝ කියති.

