උඩරට මැණිකේ මග දමා එන්ජිම ඉදිරියට ගිහින්


(සුමතිපාල දීයගහගේ)

 

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද (25) හැටන් දුම්රිය ස්ථානය පසුකර කිලෝ මීටරයක් පමණ ධාවනය කරමින් තිබියදි මැදිරිවලින් එන්ජිම වෙන් වී ගොස් තිබේ.

එන්ජිම අඩි පනහක් පමණ ඉදිරියට ගොස් නතරවී තිබේ.ඉන් දුම්රිය මගීන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.

පසුව දුම්රිය කාර්මික නිලධාරින් පැමිණ වෙන්වු එන්ජිම සහ මැදිරි සමග සම්බන්ධ කර ආපසු හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කරවා එහිදි මගීන් වෙනත් දුම්රියකින් නැවත බදුල්ල බලා පිටත් කරවා ඇත.