උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටේ



(ගාමිණී ඉලංගන්තිලක)
උඩරට දුම්රිය මාර්ගයේ හැටන්-කොටගල කොටගල දුම්රිය සථාන අතර සංගිමලේ බිංගය ප්‍රදේශයේ  109 වන කිලෝ මීටර් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (18) පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණි ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.
පැය කීපයකින් දුම්රිය සේවකයින් විසින් මෙම පස් කන්ද ඉවත් කළඳ පවතින අධික වර්ෂාවත් සමග නැවත එම ස්ථානයේ පස් කඩා වැටීම සක්‍රීය වීමට ඉඩ ඇති බව දුම්රිය නිලධාරීන් පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ මේ වන විට දැඩි මීදුම් තත්වයක් පවතින නිසා දුම්රිය ධාවනය සෙමින් සිදුවන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කීය.