උගන්ඩා ජනපති යයි


තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි මහත්මිය විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියහ. උගන්ඩා අමුත්තන් වෙනුවෙන් එහි රතුපලස එළා තිබිණි.