උ'මැද සභාපති සහ විපක්ෂ නායක පරදිති


උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති පී බී දිසානායක (12830) හා හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක (11484)  සෙසුරාදා මැතිවරණයෙන් පරාජයට පත් වූහ. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීන් වන සුසිල් ගුණවර්ධන, ආර් එම් ආර් ආර් බී ඥානතිලක සහ නයිනා මොහොමඩ් ද පරාජවූහ. උතුරුමැද පළාත් සභාවේ ප්‍රථම මහා ඇමති ජී ජී මහින්දසෝම මහතාගේ බාල පුත් චන්දන ගමගේ මහතා (32919) එජාප ලැයිස්තුවේ වැඩිම මනාප ලබා සිටියි.