ඊශ්‍රාලයෙන් කටාරයට ප්‍රහාරයක්


ඊශ්‍රායල හමුදා, කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට හමාස් සංවිධානයට අයත් දේශපාලන කාර්යාලයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය‍.

එම අවස්ථාවේදී ඊශ්‍රායලයේ නව සටන් විරාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, හමාස් සාමාජිකයන් සාකච්ඡා පවත්වමින් සිටි බව පැවැසෙයි.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඊශ්‍රායලය සමඟ සාකච්ඡා පැවැත්වීමේ ප්‍රධාන මැදහත්කරු ලෙස කටයුතු කරන හමාස් ජ්‍යෙෂ්ඨ සාමාජික කලීල් අල්-හයියා මියගියේය.

තම රටට ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය මෙතෙක් කිසිවක් පවසා නැත. ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකාවේ අනුදැනුමක් ඇතිව ද යන්න සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී නැත.