ඊශ්‍රායල් අගමැති සංචාරය නවත්වා ආපසු එයි


ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ  ඇති  බව වාර්තා වේ.
 

ඉරාන හමුදා නායකයා මිය යෑමේ සිදුවීමත් සමඟ යුදෙව් රාජ්‍යයක් වන ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතු වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය යනු ඊශ්‍රායලයේ සමීපතම මිතුරාය. එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රධානීන් සහ කැබිනට් මණ්ඩලය අද (3) රැස්වීමට නියමිත යැයි ද වාර්තා විය.
 

ඇමෙරිකානු හමුදා සිකුරාදා අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ජෙනරාල් කසීම් සුලෙයිමානී මරුමුවට පත්විය.

ඒ.එෆ්.පී. 
 
(055)