ඊයම් තීන්ත ගෑවොත් ලෙඩ වෙයි


ඊයම්  සහිත තීන්ත  වර්ග  බිත්ති   වල ආලේප කිරිමෙන්  ස්නායු ගත රෝග  ඇති  විම,ශරිර  වර්ධනය ආලේප කිරිමෙන්  ස්නායු  ගත රෝග ඇති  විම,ශරිර වර්ධනය අඩාල වීම සහ මතක ශක්තිය හීන වීම වැනි  රෝග  රැසක් ඇති  විය හැකි  බව  කොළඹ   ජාතික  රෝහලේ  විෂ තොරතුරු මධ්‍යස්ථානයේ  විෂ වෛද්‍ය  සමන්ත  ලියනගේ  මහතා  ප්‍රකාශ කළේය. 

විශේෂයෙන්ම ළදරු පාසල්  සහ  පාසල්   ගොඩනැගිලි   වලට   ඊයම්   සහිත  බාල  තීන්ත  ආලේප කිරිමෙන්  දරුවන්මෙවැනි  රෝගි  තත්වයන්ට  ගොදුරු  වන බව  අනාවරණය  වී  ඇතැයි  ද  විෂ  තොරතුරු  මධ්‍යස්ථානය පෙන්වා  දේ.

අඩුමිල බාල  තින්ත,ටික  කලකදි  පොතු  ගැල වි , ඉතා සියුම් කුඩු  වශයෙන්  පරිසරයට  එකතු  වෙන  අතර ,එලෙස එකතු  වෙන ශරිරයට  අහිතකර  ද්‍රව්‍ය ආශ්වාස කිරිමෙන්  ශරිරගත වේ.

ගොඩනැගිලි  වර්ණ ගැන්විම  සඳහා  තින්ත වර්ග  තෝරා  ගැනීමේදි  මිලෙන්  අඩු  ඊයම්  සහිත භාවිතා  නොකර  මිලෙන්  වැඩි, දිප්තියෙන්  අඩු  ඊයම්  රහිත තින්ත  වර්ගයක්  තෝරා  ගැනිමට  පියවර  ගන්නා  ලෙස  වැඩිදුරටත්  වෛද්‍යවරයා  ප්‍රකාශ   කළේය.