ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී
ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් ජලාශයේ වාන් දොරටුවක් අද පෙරවරු 11.30ට විවෘත කැරිණි.
අද පස්වරුව දක්වා අලුත්වැඩියාව සිදුවන බවත්, ගඟේ මට්ටම වැඩිවිය හැකි නිසා සෝදිසියෙන් සිටින ලෙස කොත්මලා ඔය දෙපස වැසියන්ට අනතුරු අඟවයි.

