ඉහළ කොත්මලෙන් තව මෙගා වෝට් 75ක්


ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සවෙන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා කියයි. පළමු අදියර යටතේ පසුගිය අප්‍රේල් මාසයේ මෙගා වොට් 75ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කළ අතර ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියෙන් අපේක්ෂිත මෙගාවෝට් 150ක විදුලි ධාරිතාව මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කර ඇතැයි ද ඔහු පවසයි.