ඉසුරු සොයා ගොස් නොමැරී බේරේ
ලාංකිකයන් 43 දෙනෙක් රැගත් බෝට්ටුවක් කැඩී නව දිනක් පුරා ඉන්දුනීසියා ගැඹුරු මුහුදේ අතරමංවී සිටියදී ඉන්දුනීසියා නාවික හමුදාවෙන් බේරාගනු ලැබූහ.
දැඩි ලෙස විජලනයට පත්ව සිටි පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු හා කුඩා ළමුන් තිදෙනෙකු වන බවද පැවසේ.
මොවුහු සුමාත්‍රා දූපත් ආසන්නයේ ඇති මෙන්ටාවෙයි දූපතට රැගෙනවිත් ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. ඔවුන් සිටින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන් පොලිස් රැඳවුම් භාරයට පත්කරනු ලැබ සිටිති.

