ඉසුරු උදාන එක්දින සංචිතයට කැඳවයි


සංචාරක ඉන්දීය පිලට එරෙහිව මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන කැඳවා තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වූ වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු උදාන මේ වන විට අන්තර්ජාතික විස්සයි-20 තරග හයකදී කඩුලූ 5 ක් දවාගනෙ තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන