ඉසුරු අහිමි වී අත්අඩංගුවේ


සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ විවිධ හේතු මත තම සේවාදායක නිවෙස්වලින් පලාගොස් අවතැන්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 16 දෙනෙක් පෙරේදා ආගමන විගමන නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. සෝමාලියා කාන්තාවෝ කිහිපදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම කාන්තාවන් සියලු දෙනාම දමාමි හා  අල්බාදියා ප්‍රදේශවල සැඟවී සිටි අය බවත් ඔවුන් හාම්පුතාගේ නිවෙස් වලින් පලා ගොස් වැඩි වැටුපකට වෙනත් නිවෙස් වල අනවසරයෙන් වැඩ කරමින් සිට දිනපතා හෝ සතිපතා  සේවය හමාර කර විවේක ගැනීම සඳහා තම පෞද්ගලික මුදලින් ලැගුම් හල්වල සිටි අය බව ද කියති. අපචාර ක්‍රියා මත ලංකාවෙන් ගිය ගැහැනු හය දෙනෙක්  ද පිරිමි දෙනෙක් ද මීට දින කිහිපයකට පෙර සැකපිට අත්අඩංගට ගනු ලැබ සිටිති.