ඉසිපතනයට 61-12 ක පහසු ජයක්


‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතිය යටතේ අද (08) සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 61-12 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 37-0 ක් ලෙස පෙරමුණේ පසු විය.