ඉසිපතනය 50-17 කින් විද්‍යා විදුහල පරදවයි
‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර අද (01) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 50-17 ක ජයක් ලැබූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 24-12 ක් ලෙස පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි ඉසිපතන විදුහලට ගෝල 5 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකු-ණු එකතු වූ අතර විද්‍යා විද්‍යාලය ගෝලයකින් සහ උත්සාහක දිනුම් 2කින් ලකුණු ලැබීය.

