ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ 34-22 කින් රාජකීය පරදවති
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර අද (22) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 34 - 22 ක ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 17 - 15 ක් ලෙස පෙරමුණේ පසුවිය.

