අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ කොළඹ සී. ආර්. පිටියේදී අද (25) පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 111-10 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් පහසු ජයක් ලැබීමට සමත් වූහ.
මෙම ජයග‍්‍රහණය මෙවර තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වීම විශේෂයෙන් කැපී පෙනේ.
ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 45-7 ක් ලෙස පෙරමුණේ පසු වූහ. ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 13 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය.

