ඉල්ලූම ඇතත් ලංකා තේ කෝප්පෙට වදී


ඉල්ලූම පැවතිය ද එක්සත් ජනපදය හා යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක නිසා ඉරානයට තේ අපනයනය කිරීම මගහැරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි. ඉරානයට සම්බාධක පැනවීමත් සමග පෞද්ගලික බැංකු ඉරානය හා ගනුදෙනු නතර කළ අතර ගනුදෙනුවල යෙදුණු එකම රාජ්‍ය බැංකුව ද ඉන් ඉවත්වීම නිසා, අපනයනය කරන තේවලට ඉරානයෙන් මුදල් ලබා ගැනීමේ මාර්ගය ඇහිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.