ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගි වූ ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වන මංගල සමරකෝන් 47 වැනි ස්ථානය ලැබීය. එහිදී මංගල ලකුණු 585 ක් හිමිකර ගත්තේය.
මෙම තේරීම් තරගයට ක‍්‍රීඩකයන් 50 දෙනකු සහභාගි වූහ. එහි පළමු ස්ථානය ලැබූ බෙලරුසියාවේ මාටිනෝව් සර්ජෙයි ලකුණු 600 ක් රැස්කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය.
මංගල මෙවර ඔලිම්පික් තරගාවලියේ මීට පෙර සහභාගි වූ මීටර 10 වායු පිස්තෝල සුදුසුකම් ලැබීමේ ඉසව්වේ 45 වැනි ස්ථානයට පත්විය.

