ඉරානයේ කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
කාන්තා සහ පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනි මසූමේ ඉබ්තිකාර් මහත්මියට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කොරෝනා වයිරසය වූයේ පසුගිය ද වාර්තා විය.
1979 වසරේ දී තෙහ්රාන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකාර සිදුවීමේදී ඉංග්‍රීසි භාෂා ප්‍රකාශිකාව වූයේ මෙම උප ජනාධිපතිනිය බව ද පැවසේ. එම සිදුවීම මුල් කරගනිමින් දින 444 ක රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ද ඇතිවිය.
මසූමේ ඉබ්තිකාර් මහත්මිය ඉරාන රජයේ ඉහළම තනතුරක් දරන කාන්තාව ද වන්නීය.
ඇය ඉරාන ජනාධිපති හසන් රොව්හානී සහභාගී වූ කැබිනට් හමුවකට ද ඉකුත් දිනෙක දී සහභාගී වී ඇතැයි වාර්තා වේ. එම කැබිනට් හමුවට සහභාගී වූ තවත් අයකු ද අසනීප වී ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව උප ජනාධිපතිවරිය ද ඇතුළුව ඉරාන රජයේ ඉහළ පෙළේ බලධාරීන් හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒ අතුරින් එක් ප්‍රමුඛ පෙළේ පූජකයකු මරණයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
අල්ජසීරා සහ නිව්යෝක් ටයිම්ස් ඇසුරිනි
055

