ඉරාන කුඩුකාරයා අල්ලයි


රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මෙතම්පෙටමීන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙනඒමට තැත් කළ දෝහා සිට පැමිණි ඉරාන ජාතික තරුණයක් (28) ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

කිලෝ දෙකක් බර මත්ද්‍රව්‍ය තොගය රහසිගත ලෙස ගමන්මල්ලේ රෙක්ෂින් ආවරණය තුළ සඟවා තිබිණි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම සහ සරොජ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ  උපදෙස් පිට  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  එමි.අයි රශීක්,  ඩී.ඩී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරීවරුන් වන තනුෂ්ක විජේසූරිය, තිලින විජේසේකර, චන්දන ගමගේ, එමි.කේ උදය ගාමිණී, ප්‍රබුද්ධ පෙරේරා  යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ ටී චන්ද්‍රරත්න මහතා  රේගු පරික්ෂණය සිදු කළේය.