ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ


ගනේමුල්ල  බුළුගහගොඩ නිවෙසක දුරස්ථ පාලකයකින් ක්‍රියාකරන ගේට්ටුවකට ගෙල සිරවි  නිවසේ මුරකරු මිය ගිය බව ගනේමුල්ල පොලිසිය කියයි මිය ගියේ කහවත්තේ 50 හැවිරිදි තිදරු පියෙකි. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මූලික පරික්ෂණය කළාය.