ඉබ්බන්කටුවේ සැඟවුණු ගල්කණු මතුවේ


දඹුල්ලේ ඉබ්බන්කටුව ජලාශය සිඳී යෑමත් සමග ඉපැරණි ගල්කණු, කැඩී ගිය සඳකඩ පහනක්, චෛත්‍යක නටබුන් සහ පැරණි උළු හා ගඩොල් මතුවී ඇත. දඹුල්ලේ රජමාලිගයක් හෝ ආගමික ස්ථානයක් තුබූ බව ජනප්‍රවාද කියයි. ඉබ්බන්කටුව ඉපැරණි සුසානයට කිලෝමීටරයක් ඈතින් මේ නටබුන් මතුවී තිබේ.