ඉපැරැණි කඩුවක් තලාවෙන් මතුවේ


වසර 250 ක් පමණ  පැරැණි කඩුවක්  තලාව තිස්ස පුර  නිවෙසක මෙට්ටයක් අස්සෙන් සොයා ගත් බව තලාව පොලීසිය කියයි. අඟල් 23 දිගැති මේ කඩුවේ මිටෙහි සිංහ මුහුණක හැඩයෙන්  කැඩයම් කර ඇත. එහි මැණික් ගල් 20 ක් ඔබ්බවා ඇත.  කොපුව ද ඉපැරැණි  කැටයමින් අළංකාර වී ඇත