ඉපැරැණි ඇඹරුම් ගලක් පුලතිසිපුරයේ


ක්‍රිස්තු වර්ෂ 12-13 යුගවලට අයත් ඇඹරුම් ගලක් පොළෙනනරුව රොහල් බිමෙන් අද හමුවු බව  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නව ගොඩනැගිල්ලකට අත්තිවාරම්  බැකෝවකින් කපද්දි  අඩි 1.5 පළල  අඩි දෙකක් පමන දිග  මේ ඇඹරුම් ගල සොයාගෙන ඇත. දීර්ඝ කාලයක් මෙ ඇඹරුම් ගලේ අඹරන්නට ඇතැයි  එය තමන් බාරයට ගත්  පොළොන්නරුව ගවේෂණ නිලධාරී මාලන් අබේකෝන් මහතා කියයි