(කාංචන කුමාර ආරියදාස)
සීගිරියේ ඇතුල් දිය අගලේ සිදුකරන කැණීම් වලින් ආදි කාලයේ ආගමික ක්‍රම සහ යාග හෝම ක්‍රම පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
සීගිරිය උතුරු ප්‍රදේශයේ මේ දිනවල කැණීම් කටයුතු රැසක් අවසන් වෙමින් පවතින බවත් එහිදී විශේෂයෙන්ම යාග හෝම පැවැත්වූ ස්ථාන මෙන්ම ජලය සම්බන්ධ කැරගෙන යම්කිසි ශාන්ති කර්ම හෝ යාග හෝම පැවැත්වූ බවට සාධක රැසක් හමු වෙමින් පවතින බවත් උස් ස්ථානයක ගොඩනැගිල්ලක සිට මෙය නිරීක්ෂණය කිරීම් කරන්නට ඇතැයි විශ්වාසය කළ හැකි ස්ථාන පවා මේ වනවිට හමුවී ඇතැයි ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය.
පසුගියදා සීගිරිය ප්‍රදේශයේ කැණීම්වලින් හමුවූ සිංහ රුවකට සමාන මැටි රුව පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විශේෂයෙන් සීගිරියේ ඉපැරණි යාග හෝම පිළිබඳව කරුණු හෙලි වීම ගැන තොරතුරු අනාවරණය කළේය.
උතුරු දිය අගල පෙදෙසේ මේ දිනවල සිදුකරන කැණීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
"මෙම ස්ථානයෙන් හමු වුණ මැටි භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළාම ඒවා සියල්ල දේශීය ප්‍රභවයක් පවතින ඒවා. ඒ වගේම තමයි මේවා සියල්ල හමුවන්නේ උතුරු දිය අගල ප්‍රදේශයෙන්. මැටි බදුන් හමුවන ස්ථානයට ඉහළින් වේදිකාවක් වැනි ගොඩනැගිල්ලක කොටසක් හමු වෙලා තිබෙනවා අපට හිතන්න ඉඩ තියෙනවා යම් විදියට පූජා විධි ක්‍රමයක් යාග ක්‍රමයක් මෙහි පවතින්නට ඇතැයි කියලා."
මොකද කාශ්‍යප යුගයෙන් පස්සේ සිගිරිය මහායාන බෞද්ධ ආරාමයක් හැටියට තමයි පවත්ව ගෙන ගිහිල්ලා තියෙන්නේ . බෞද්ධ ආරාමයේ කටයුතු කරනකොට එවැනි පූජා විධි ක්‍රමයක් සම්බන්ධ කරගෙන සිදු වුණාද කියන පිළිබඳව සිතා බැලිය යුතුයි. මේ හම්බවෙන්න මැටි බදුන් පිළිබඳව සොයා බැලුවම එවැනි සාධක තමයි හම්බ වෙලා තියෙන්නේ. එය ඉතා වැදගත් කාරණයක්."