
(චාපා මධුභාෂිණී)
මින්නේරිය ගිරිතලේ ජනපදය ප්‍රදේශයේ අස්වනු නෙලා අවසන් වූ වෙල්යායක හටගත් ගින්නකින් ඒම ප්‍රදේශයේ පොල් ඉඩමක් සහ ගෙසෙල් වගාවක් විනාශ වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් ඒ් ආසන්නයේ තිබූ පොල් ගස් 60 පමණ විනාශ වී අතර තවද කුඩා කෙසෙල් වගාවක්ද ඇතුළුව ඉලපනැලි සහිත කුඹුරු අක්කර 5 පමණ විනාශ වී ඇතැයි විමර්ෂණවලින් හෙලි වූ බව මින්නේරිය පොලිසය කියයි.
මෙම ගින්න ආරම්භ වූ බව කියන ස්ථානයට ආසන්න නිවසක වයස අවුරුදු 55 පමණ කාන්තාවක් ගෙන්වා කටඋත්තරයක් සටහන් කරගත් බව ද පොලිසිය කියයි.
ගින්න ඇති වීම සම්බන්ධව කිසිදු සාක්කියක් මේවනතුරු නොලැබුණ බවත් ඒ් සම්බන්ධව විමර්ෂන කටයුතු සිදු කරන බවද මින්නේරිය පොලිසය කියයි.
සිද්ධිය සම්බන්ධව මින්නේරිය පොලිස් ස්ථානාධිපත් ආර්.ඒම්.සී රත්නායක මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරික්ෂන සිදු කරනු ලබයි.







