
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා අපූරු දඩුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
මීට දින කිහිපයකට පෙර මෙම දඩුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
පාසල් විවේක කාලයේ දී සිසුන් විසින් ආහාරයට ගන්නා ලද ඉඳුල් මේසය මත ඉවත් කර නොමැති බව විදුහල්පතිනිය පන්ති කාමර නිරීක්ෂණයේ දී දැක ඇත.

