කොලොන්නාවේ සිට මත්තල ගුවන්තොටට ඉන්දන රැගෙන යමින් තිබූ බවුසරයක් මීගහජඳුරේදී නවතා තිබූ බසයක හැපී පෙරළී ගිනිගෙන දැඩි හානි සිදු වු බව පොලීසිය කියයි. ගුවන් යානා ඉන්ධන ලීටර් 33.000ක් බවුසරයේ කාමර තුනක ගබඩා කර තිබූ බවත් ඉන් කාමර දෙකක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පොලිසිය කියයි.

