ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඉන්දුනීසියාවේ බෙන්කුලු නගරයට කිලෝමීටර් 73ක් බටහිරින් භූ කම්පනය සිදුව ඇති අතර මරණ හෝ අලාභහානි සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැත.
ඉන්දුනීසියානු භූ විද්‍යා හා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ උදෑසන 10.08ට පමණ සිදුවී ඇති මෙම භූමි කම්පාවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.
භූ කම්පනයේ අපි කේන්ද්‍රය පොළව මට්ටමේ සිට කිලෝමීටර් 35ක් ගැඹුරින් පිහිටා ඇති බවද මෙය තරමක් ප්‍රබල භූමිකම්පාවක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

