ඉන්දු - ලංකා හොද හිත තවත් තර කරයි


ශී‍්‍ර ලංකාවේ නව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉන්දියා සංචාරයට ප‍්‍රථමයෙන් ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ තිබෙන ඉන්දියා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 87 ක් නිදහස් කිරීමේ සූදානමක් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා වලට අනුව එළැඹෙන බ‍්‍රහස්පතින්දා දිනයේ නීතිපතිවරයා මෙම බෝට්ටු නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධතාවක් නැතැයි ඒවා සම්බන්ධයෙන් දැනටමත් නඩු විභාගයන් පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාතේ අධිකරණයන්ට දැනුම්දීමට නියමිතය.

අනවරසයෙන් ශී‍්‍ර ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මැරීමේ යෙදුණේයැයි මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස තම අත්අඩංගුවේ තිබෙන ශී‍්‍ර ලංකා මසුන් මරන්නන්ට අයත් බෝට්ටු 22 ද නිදහස් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවද සදහන්වේ.

මෙසේ බෝට්ටු නිදහස් කිරීම දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස ඉන්දියා මාධ්‍ය හදුන්වාදී තිබේ.