ඉන්දීය විසා මධ්‍යස්ථාන දින නියමයක් නැතිව වැසේ


(රංජන් කස්තුරි)

ආරක්ෂක හේතූන් මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දමා තිබේ.

මේ වන විටත් වීසා සම්මුඛ සාකච්ඡා සඳහා දින ලබගෙන සිටින පුද්ගලයන්ට එම දින හා වේලාවන් වෙනස් කර ගන්නැයි ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි. 

හදිසි කොන්සියුලර් සහ වීසා ගැටළු ඇත්නම් දුරකතනයෙන් මහ කොමසාරිස් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ  සිදුවූ සිද්ධියක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය වසා දැමූ බව ද මහ කොමසාරිස්කාර්යාලය කියයි.