මුම්බායිහිදීය (රොයිටර්ස්)
දිගින් දිගටම ශක්තිමත් වන එක්සත් ජනපද ඩොලරය හමුවේ ඉන්දීය රුපියල අද (29) වාර්තාගත අන්දමින් පහළ වැටිණි.
ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 70.475ක් ලෙස සටහන් වූ අතර ඉන්දීය රුපියල එතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව එය විය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ආසියාවේ අනෙකුත් මුදල් ඒකක ද කඩා වැටෙමින් තිබේ. “ඉන්දීය මහ බැංකුව කලින් නොවු විදියට රුපියලේ මට්ටම ඉහළ යද්දි මුකුත් නොකර ඉන්නයි උත්සාහ කළේ.
රුපියල 69 මට්ටමට පැමිණියාම ඔවුන් ඒ මට්ටම ආරක්ෂා කරන්න උත්සාහ කළා” එක් නිලධාරියෙක් පැවැසීය. “මහ බැංකුව කුඩා ප්‍රමාණවලින් ඩොලර් සපයනවා විතරයි” තවත් අයෙක් කීය.
අඟහරුවාදා ද ඉන්දීය රුපියලට සාපේක්ෂව ඩොලරය අගය ඉහළ ගිය අතර එහිදි 70.10 දක්වා පහත වැටුණු ඉන්දීය රුපියල් අද (28) 70.45ක් දක්වා පහත වැටිණි.
(055)