පද්මා කුමාරී කංකානම්ගේ
කල්පිටිය බත්තලංගුන්ඩුව දූපතට නුදුරු ශ්‍රී ලාංකීය මුහුදේ ඉන්දීයා ධීවර යාත්‍රා 50 ක් පමණ අද (28 ) සන්ධ්‍යාවේ ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බවත්,එම නිසා කෙන්දන් පන්නයන් සදහා මුහුදු ගිය බත්තලංගුන්ඩුව ධීවරයන් පෙරළා ගොඩ බිමට පැමිණි බවත් බත්තලංගුන්ඩුව ධීවර සමිතියේ සභාපති ඩබ්ලිව් ඒබට් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉන්දියාවේ ධීවරයින් සමූහයක් එලෙස ධීවර කටයුතුවල නිරතවීමේ දී තම දැල් පන්න එම මුහුදට කිසිසේත්ම යෙදීය නොහැකි බැව් ඒ මහතා පැවසීය. එසේම ඉන්දියන් ධීවරයින් දැල්පන්නවලට අමතර අවි ආයුධ ද රැගෙන එන හෙයින් තම ධීවරයින්ගේ ආරක්ෂාවට ද එය තර්ජනයක් බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
නුදුරු අනාගතයේ දී ඉන්දියන් ධීවරයින්ට කල්පිටිය සමුදුර භාරදී ධීවර රැකියාවෙන් තමන්ට සමු ගැනීමට සිදුවේදැයි සැකසහිත බව ද ධීවරයෝ පවසති.
මේ පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ මෙවණි පැමිණිල්ලක් තමන්ට ලැබුණු බවත් තමා ඒ පිළිබදව අදාළ නිළධාරීන් දැනුවත් කල බවත්ය.
ඒ අනුව නාවුක මුර සංචාරක යාත්‍රා මගින් එම ඉන්දීය ධීවරයින් කණ්ඩායම හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ මසුන් සහිත මඩි කපා දමා ලුහුබැද යාමේ දී පළාගොස් ඇති ඇති බවත් පැවසීය.
මේ අතර බත්තලංගුන්ඩුව ධීවරයින් පවසනුයේ සෑම දින දෙකකට වරක්ම ඉන්දියන් ධීවරයින් විශාල පිරිසක් පැමිණ දේශ සීමා නීති උල්ලංඝණය කරමින් මසුන් අල්ලාගෙන පළා යන බව ය.