ඉන්දීය ක‍්‍රීඩකයෝ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් ශූරතාව දිනති
ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අද (26) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය පිල සත්කාර ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 කින් පරාජය කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 225 (විලියම් බොසිටො 87, ටේරවිස් හෙඞ් 37, ඇෂ්ටොන් ටියුනර් 43, සංදීප් ශර්මා 54/4)
ඉන්දියාව ඕවර 47.4 කදී කඩුලූ 4 ට 227 (යූ. චාන්ද් නොදැවී 111, බී. අපරජිත් 33)

