අඛණ්ඩව හයවැනි දිනටත් ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (9) 9,000 ඉක්මවූ අතර එම ගණන 9,987ක් ලෙස දැක්විණි.
ඒ අනුව ජූනි 4 වැනිදා සිට අද (9) දක්වා දින නවයක කාලයේදී ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 58,983කි.
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද අද (9) වාර්තා වූ අතර එම ගණන 9,987ක් ලෙස දැක්විණි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 331ක් විය.
ඒ අනුව ඉන්දියාවෙන් අද (9) පස්වරු 2 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 2,66,598ක් ලෙස දැක්වුණු අතර ඉන්දියාව ලොව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව ඇත.
ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,29,917ක් වන අතර සුව වූ ගණන 1,29,215කි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7,466කි.
එරට වැඩිම බලපෑමක් වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 88,528කි. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 33,229කු, දිල්ලියෙන් ආසාදිතයන් 29,943 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ඊයේ පස්වරු වනවිට ආසාදිතයන් 20,545 කු වාර්තා වී තිබිණි.
අසල්වැසි පාකිස්තානයෙන් අද (9) පස්වරු 2 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 1,08,317ක් වූ අතර බංග්ලාදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 68,504ක් ලෙස දැක්විණි.
එන්.ඩී.ටීවී.
055

