ඉන්දියාවෙන් ශිෂ්‍යත්ව 200ක්


ඉන්දියාවේ කීර්තිමත් විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රීලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 

ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, වානිජ, මානව ශාස්ත්‍ර සහ කලා පාඨමාලා සඳහා එම ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ද ඒ සඳහා ශ්‍රී ලංකිකයන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල කියයි.

මෙහිදී ශ්‍රී ලංකිිකයන්ට උපාධි,පශ්චාත්  උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකියි.

පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසිකව ජිවන විදයම් දීමනාවක් පොත් හා ලිපිද්‍රව්‍ය සඳහා දීමනාවක් ගුවන් ගමන් ගාස්තු සහ අධ්‍යාපන වාරිකා සඳහා ද දීමනාවක් ශිෂ්‍යත්වලාභීන්ට හිමි වේ. 

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන්  හෝ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ ලබගත හැකියි.