( තිළිණි ද සිල්වා )
අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් තෙවැනි ඉන්දිය“ජලශ්වා“ නෞකාව අද (30) කොළඹ වරායට පැමිණියේය.
නෞකාවෙන් රැගෙන ආ ආධාර විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් බාර ගත් අතර නෞකාවෙන් පැමිණි වෛද්‍යවරුන් ඇතුළු සහන කණ්ඩායම් ආපදාවට පත් ප්‍රදේශ කරා පිටත් කර යැවීමටද අදාළ නිලධාරීන් එම අවස්ථාවේදීම පියවර ගෙන තිබිණි.
වෛද්‍ය කණ්ඩායම්, ඖෂධ, වියළි ආහාර ද්‍රව්‍යය, කුඩා බෝට්ටු, පානීය ජල බෝතල්, වැහි කබා සහ කූඩාරම් ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය මෙලෙස ලැබී තිබිණි.



