( තිළිණි ද සිල්වා )
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියලි ආහාර වර්ග ඇතුළු ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් දෙවන නෞකාව අද( 28) කොළඹ වරායට ළඟා වුයේය.
අයි.එන්.එස් ශර්දුල් නැමැති මෙම නෞකාවෙන් ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ සහනාධාර ලෙස රැගෙනවිත් ඇති අතර මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු පිරිසක් අදාළ නෞකාව පිළිගත්හ.

