ඉන්දියාවෙන් ගෙන් වූ මත් කුඩු කිලෝ 560 කල්පිටියෙන් අල්ලයි


ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ගෙන එමින් තිබූ හෑන්ස් නම් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 560ක් ඉන්දියානු ජාතිකයින් සිව් දෙනකු සමග කල්පිටිය මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුහු කල්පිටිය පොලිසියට බාර දෙනු ලැබූහ.