ඉන්දියාවෙන්, චීනෙන් වැඩිපුර එති


දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව  පසුගිය මාසයේදී 8.5%කින් වර්ධනය වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව ඉකුත්  මාසයේදි සංචාරකයෝ එක් ලක්ෂ විසිදෙදහස් දෙසිය දාහත් දෙනෙක් ආහ. ගතවූ මාස හතරේදී දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව හය ලක්ෂ එක්දහස් පනස් පහ ඉක්මවා ඇතැයි අධිකාරිය කියයි.

මේ වසරේ පළමු මාස හතරේදී සංචාරකයින් ගේ පැමිණීම 12.5% කින් වර්ධනය වී තිබේ.

පසුගිය මාසයේ මෙරටට පැමිණි බහුතර විදේශිකයින් ඉන්දියානුවෝ හා චීන ජාතිකයෝය. ඒ අනුව ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම 34% කින් ද, චීන ජාතිකයින් ගේ පැමිණීම 72.3% කින්ද වර්ධනය වී තිබේ.