ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර ද සියයට 16කින් අඩු කිරිමට පියවර ගෙන තිබේ. ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි එරට පාර්ලිමේන්තුවට නිර්දේශ කර ඇත්තේ 2014 වසර සඳහා ඇමරිකාව ඉන්දියාවට දෙන ආධාර මුදල සියයට 16කින් අඩු කළ යුතු බවයි.
ඒ අනුව 2014 දී ඉන්දියාවට ලැබෙන ඇමරිකා ආධාර මුදල ඉන්දියානු රුපියල් කෝටි 500යි ලක්‍ෂ 50ක් වන බවත් එය 2013 වසර මෙන් සියයට 16ක අඩුවීමක් බවත් ඉන්දියාව පවසයි.
ඇමරිකාව ලංකාවට දෙන ආධාර ද සියයට 20න් අඩු කිරිමට ඔහු යෝජනා කර තිබේ.