ඉන්දියාවට ලකුණු 287 ක ඉලක්කයක්
මහේල ජයවර්ධනගේ (65) සහ කුමාර් සංගක්කාරගේ (73) සිවුවැනි කඩුල්ලේ ලකුණු 121 ක අගනා සම්බන්ධතාව නිසා සංචාරක ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
ශ‍්‍රී ලංකාව ලකුණු 20 කට කඩුලූ 3 ක් දැවී අසීරු අඩියක සිටියදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ.
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71) සහ ජීවන් මෙන්ඩිස් (නොදැවී 45) හයවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වූහ.
ශ‍්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 286 (මහේල ජයවර්ධන 65, කුමාර් සංගක්කාර 73, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 71, ජීවන් මෙන්ඩිස් නොදැවී 45, සහීර් ඛාන් 39/2)

